විකුණුම් ප්‍රවර්ධන නිලධාරී (Male) / විකුණුම් සහයක (Female)

 අපගේ කණ්ඩායමට එක්වන්න!

අතුරුගිරිය ප්‍රමුඛ පෙලේ යතුරුපැදි අලෙවි සහ සේවා මධ්‍යස්ථානය වන නලීන් මෝටර්ස් හි උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන ඔබව ආපේක්ෂා කරමින් සිටිමු.

අපගේ සේවා කණ්ඩායමට එක්වීමට අවශ්‍ය උනන්දුවෙන් කටයුතු කරන, නිර්මාණශීලී දක්ෂ පුද්ගලයින් බදවා ගැනීම සදහා පහත තනතුරුවලට අයදුම්පත් කැදවනු ලැබේ.

පුරප්පාඩු:

  1. විකුණුම් ප්‍රවර්ධන නිලධාරී (Male)
  2. විකුණුම් සහයක (Female)

අපෙන් ඔබට ලැබෙන්නේ:

  • සිත්ගන්නා සුලු වැටුප් සහ දීමනා.
  • සුහදශීලී සහ උසස් සේවා පරිසරයක්.

අවශ්‍ය සුදුසුකම්:

  • වයස: අවුරුදු 21–35 අතර.
  • අධ්‍යාපන: උසස් පෙළ සහ විකුනුම් සම්බන්ද දැනුම.
  • අත්දැකීම්: ලීසින් සමාගමක සේවය කර තිබීම විශේෂ සුදුසුකමකි.
  • වෙනත් හැකියාවන්:
    • වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබිම.
    • පරිගණක ක්‍රියාකාරිත්වය (MS Word සහ MS Excel පිළිබඳ දැනුම විශේෂයි).
    • අලෙවි ප්‍රවර්ධනයේ විශේෂ දැනුම සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ කුසලතා.
    • පාරිභෝගිකයින් සමඟ සුහද සහ වෘත්තීයමය සම්බන්ධතා පවත්වාගැනීමේ හැකියාව.

සේවා වේලාව:

  • රාජකාරි වේලාව: උදේ 8:00 සිට සවස 6:00 දක්වා

අයදුම් කිරීමට: ඔබ මෙම සුදුසුකම් සපුරාලනවානම් සහ අලෙවි හා පාරිභෝගික සේවාවට ඇළුම් කරනවානම්, ඔබේ යාවත්කාලීන ජීව දත්ත පත්‍රය (CV) සහ සුදුසුකම් සදහන් කර අයදුම් කරන්න.

අතුරුගිරිය අවටින් නම් වඩාත් සුදුසුයි.

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න:

📞 0112561494 / 0767924525
📧 finance.nalinmotors@gmail.com

අප සමඟ එක්වී ඔබේ වෘත්තිය ජීවිතය ඉහළට ගෙන යන්න! 🚀